සුනිසි මෙහෙවර එලිදැක්වීම
ශ්‍රි ලංකා රජය වෙනුවෙන් කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍යාංශය, ලංකා සේajH සංගමය, කම්කරු සංවිධාන සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන කාර්යාලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සිව්වන සුනිසි මෙහෙවර 2018 මැයි මස 16 දින ආරම්භ කරන ලදී.
17 May 2018
Content also available in:
English
කොළඹ (ජාත්‍යන්තර කම්කරු සංවිධාන ප්‍රවෘත්ති) - ශ්‍රි ලංකා රජය වෙනුවෙන් කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍යාංශය, ලංකා සේව්‍ය සංගමය, කම්කරු සංවිධාන සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන කාර්යාලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සිව්වන සුනිසි මෙහෙවර 2018 මැයි මස 16 දින ආරම්භ කරන ලදී.
සිය සමාරම්භක අදහස් දැක්වීමේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දේශීය අධ්‍යක්ෂිකා සිම්රින් සිං මහත්මිය විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කළ පාර්ශ්වයන්ට සිය ස්තුතිය ප්‍රකාශ කරන ලද අතර ‘ඔවුන්ගේ කැමැත්ත, ශක්තිය සහ සහභාගිත්වය නොමැතිව සුනිසි මෙහෙවර නිර්මාණය කළ නොහැකි වන බව’ ප්‍රකාශ කරන ලදී. සුනිසි මෙහෙවර තුලින් රජය, හාම්පුතුන්ගේ හා කම්කරු සංවිධාන සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ඉදිරි අවුරුදු පහ තුළ තිරසර සංවර්ධනයට අදාල උපරිම ප්‍රතිඵල ලබා ගත හැකි බව කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් එස්. ඒ. එස්. සරණතිස්ස මහතා ප්‍රකාශ කළේය.”
ශ්‍රී ලාංකික කාන්තාවන්, පුරුෂයන් සහ තරුණයන් සඳහා අදත් හෙටත් ශ්‍රම ලෝකය තුළ අභිමානය, සමානාත්මතාවය, ආරක්ෂාව සහ සමෘද්ධිය ලබා දීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ත්‍රෛපාර්ශ්වික ආයතන සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරය මෙම වැඩසටහන මගින් සේවා දෙනු ලබන හෙයින් මෙම වැඩසටහන ඇරඹීම ඉතා සුවිශේෂී සංධිස්ථානයක් බවත්, ‘මෙය ශ්‍රී ලංකාවට මහඟු සම්පතක් බවත් ’ ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති (නීති හා පරිපාලන) කේ. මාරිමුත්තු මහතා ප්‍රකාශ කළේය.
පසුගිය අවස්ථාවලදී මෙන් නොව මෙම මෙහෙවර තුළ ඉදිරි අනාගතය තුල රැකියා නිර්මාණය (Future of Work) ප්‍රධාන තේමාවක් වී ඇත. දේශගුණික වෙනස්කම්, වැඩිහිටි ජනගහනය සහ තාක්ෂණික ජයග්‍රහණයන් විසින් කම්කරු වෙළඳපොල අන් කවරදාටත් වඩා වැඩි වේගයෙන් නැවත හැඩගස්වනු ලබමින් පවතී.
‘සුනිසි මෙහෙවර, තිරසර ව්‍යාපාරික ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීම සඳහා සේවායෝජකයන් හට ඉතාම වැදගත් වන අතර, . අනාගතය දෙස බැලීමේදී, රැකියා වල විවිධ ස්වරූප බිහිවීම වැනි ගැටළු ආකලනය කිරීම සහ ඩිජිටල්කරණය සහ ස්වයංක්‍රීයකරණය තුලින් වැඩ ලෝකය තුළ සිදුවෙමින් පවතින වෙනස්කම් සඳහා සුදුසු වේදිකාවක් නිර්මාණය කිරීම අප විසින් සිදු කිරීම අවශ්‍ය වේ” ය යි ලංකා සේව්‍ය සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක වීරසිංහ මහතා පැවසීය
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පාර්ශ්වකරුවන් (රජය, සේවායෝජකයන් සහ කම්කරු සංවිධාන), අදාල අමාත්‍යාංශ, දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්, සමූපකාර සංගම්, එක්සත් ජාතීන්ගේ ආයතන, වෙනත් ආයතන හා එක්ව ශ්‍රී ලංකාව සඳහා වන සුනිසි මෙහෙවර 2018-2022 නිර්මාණය 2017 ජුලි මාසය අගභාගයේදී ඇරඹුණු මෙම කාර්යය නිම කරන ලද්දේ 2018 අප්‍රේල් මාසයස අගභාගයේදීය. ඉතා ඉතා ගැඹුරු මෙන්ම අර්ථාන්විත ත්‍රිපාර්ශවික සාකච්ඡා මාලාවක් තුලින් මෙම වැඩසටහන නිර්මාණය කරන ලද බව ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ මහලේකම් ඩී. ඩබ්ලිව්. සුභසිංහ මහතා ප්‍රකාශ කළේය.
නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඒ මාකස් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම නව වැඩසටහන පිලියෙල කිරීම සඳහා තමන් වෙනදාටත් වඩා පූර්ණ කාලීන ලෙස දායක වූ බවත්, ’රට තුළ සිදුවන වෙනස්කම් සහ ඇතිවන ප්‍රවනතා සඳහා අනුවර්තනය වන ලෙස’ එය සකස් jQ බවත් ය. ත්‍රෛපාර්ශ්විකත්වය යන අදහස තුළ සියලුම පාර්ශ්ව විසින් මෙම වැඩසටහන නිර්මානය කිරීම සඳහා සැබැවින්ම මහන්සි වී ක්‍රියා කළ බවත් ඒ සඳහා සහාය වීමට පූර්ණ කාලීන ලෙස කැප වී සිටින බවත් ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ මහලේකම් පී. රණවකආරච්චි මහතා සනාථ කළේය.
සුනිසි මෙහෙවර හි ප්‍රමුඛතාවයන් ලබා දෙනු ලබන කරුණු වනුයේ පරිපූර්ණ හා තිරසර රැකියා නිර්මාණය කිරීම, ශ්‍රම වෙළඳපොල වඩාත් හොඳින් පාලනය කිරීම, සැමට සේවා ස්ථානය තුළ හිමි අයිතිවාසිකම් ලබා දීම සහ පුලුල් දත්ත දැනුම සම්භාරයක් උත්පාදනය කිරීමය. සුනිසි මෙහෙවර තුලට ඇතුලත් කර ඇති අංග ලෙසට ආබාධිත පුද්ගලයන් ශ්‍රම වෙළඳපොල තුලට ඇතුළු කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සමානාත්මතාවය හා යුක්තිය තහවුරු කිරීම, දේශගුණික වෙනස්කම් උදෙසා නැවත ප්‍රකුර්ති තත්වයට පත්වීමේ හැකියාව සහ දත්ත හා දැනුම උත්පාදනය කිරීම දැක්විය හැකිය. ජාතික ප්‍රතිපත්තිමය කාර්යරාමු සහ තිරසර සංවර්ධන අරමුණු සඳහා වන 2030 ගෝලීය න්‍යායපත්‍රය සමග මෙම ප්‍රතිඵල අනුගත වේ.
‘අප සියලු දෙනාම එකට එකතු වී එකමුතු වී වැඩ කළ යුතුයි. අපගේ රට වෙත අප විසින් ලබා දෙන ලද දායකත්වය පිලිබඳ ආඩම්බර විය හැකි වන ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අපි කටයුතු කළ යුතුයි’ යන්න ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ මහ ලේකම් එල්. දේවේන්ද්‍ර මහතාගේ අදහස විය.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න : අසිත සෙනෙවිරත්න මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින කාර්යාලය [email protected] , Tel: + 94112592525 – www.ilo.org/colombo