බලහත්කාර ශ්‍රමය හා සාධාරණ බඳවාගැනීම් පිළිබඳ වාර්තා කිරීම: ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේදීන් සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙවලම් කට්ටලය (සිංහල මාධ්‍යය)

බලහත්කාර ශ්‍රමය හා සාධාරණ බඳවාගැනීම් පිළිබඳ වාර්තා කිරීමේදී මෙම මෙවලම් කට්ටලය ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට උපකාර වේ. එය නිර්මාණය කරනු ලැබුවේ පුවත්පත් කලාවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය සහ ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසිනි.

Content also available in: English தமிழ்
මෙම මෙවලම් කට්ටලය නිර්මාණය කරනු ලැබුවේ “ශ්‍රම සංක්‍රමණය පිළිබඳ බඳවාගැනීම් රාමුව වැඩිදියුණු කිරීමේ ගෝලීය ක්‍රියාකාරිත්වය” (REFRAME) නම් තුන් අවුරුදු ව්‍යාපෘතියෙහි කොටසක් ලෙසයි. එයට යුරෝපා කොමිසමේ සහයෝගය ලැබිණි. එහි අරමුණ වන්නේ බඳවාගැනීම් ක්‍රියාවලියෙහිදී අපයෝජනාත්මක භාවිතාවන් සහ මානව හිමිකම් / කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය වීම අවම කිරීමයි. ශ්‍රම සංක්‍රමණය හා බැඳුණු ප්‍රශ්න සම්බන්ධයෙනුත්, සාධාරණ බඳවාගැනීම් පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙනුත්, විශ්වසනීය තොරතුරු වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම පිළිබඳවත්, ශ්‍රම සංක්‍රමණය පිළිබඳ වඩා සමබර පුවත් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙනුත් මාධ්‍ය ආවරණය වැඩිකිරීමට මෙම ව්‍යාපෘතිය දේශීයවත්, ගෝලීයවත් සම්බන්ධ වේ.

Additional details

References

  • ISBN: 978-92-2-133174-2