පුංචි අත්තටු සිඳින්නෙපා !

මෙම ගී නිර්මාණය ශී‍්‍ර ලංකාව තුල මෙන්ම ගෝලීය මට්ටමින් ළමා ශ‍්‍රමය පිටු දැකීම දායක වන අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් ආරම්භකරන ලද ”ළමා ශ‍්‍රමයට එරෙහිව සංගීතඥයන්ගේ එකමුතුව” සමඟ එක්වන නවතම කළාකරුවා ලෙස රිද්ම වීරවර්ධන ගෝලීය සංගීතඥයන්ගේ සමූහය සමඟ අත්වැල් බැඳගනු ඇත.

Press release | 26 November 2019
නොවැම්බර් මස 25 දින (කොළඹ දී)-

පුංචි අත්තටු සිඳින්නෙපා
කැකුලූ මල් පෙති තලන්නෙපා
බඹර ගී ගොළු කරන්නෙපා
සෙල්ලම් ගෙයි බිඳින්නෙපා

ඔහුගේ මධුර හඬ වාතලයට මුසුවන්නේ බලාපොරුත්තුවේ අරුත් පෙරදැරි කරගෙනය. "ළමයින්ගේ ළමා ලෝකය ගොඩනැගිය හැක්කේ ළමා ශ‍්‍රමය මුලිනුපාදැමීම මඟින්” බව රිද්ම සිය බලාපොරොත්තුවේ දෑස් දල්වමින් කියා සිටියේය. ඔහුගේ නැවුම් ගීත නිර්මාණය වන " පුංචි අත්තටු” නොවැම්බර් මස 26 වන දින එළි දැක්වීමට නියමිතය. මෙම ගී නිර්මාණය ශී‍්‍ර ලංකාව තුල මෙන්ම ගෝලීය මට්ටමින් ළමා ශ‍්‍රමය පිටු දැකීම දායක වන අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් ආරම්භකරන ලද ”ළමා ශ‍්‍රමයට එරෙහිව සංගීතඥයන්ගේ එකමුතුව” සමඟ එක්වන නවතම කළාකරුවා ලෙස රිද්ම ගෝලීය සංගීතඥයන්ගේ සමූහය සමඟ අත්වැල් බැඳගනු ඇත.

රිද්ම වීරවර්ධන ශී‍්‍ර ලාංකික සංගීත ක්‍ෂේත‍්‍රය තුල ජනපි‍්‍රය තරුණ ගායකයෙකි. ඔහු ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් ආරම්භකරන ලද මෙම වැඩපිළිවෙලට තම අව්‍යාජ දායකත්වය දැක්වීමට ප‍්‍රතිඥ දෙන ලදී.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් වර්ෂ 2013 දී ආරම්භකරන ලද ”ළමා ශ‍්‍රමයට එරෙහිව සංගීතඥයන්ගේ එකමුතුවට ” ලොව නන්දෙසින් සංගීතඥයන් තම සංගීත නිර්මාණ යොමුකර ඇත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශී‍්‍ර ලංකා සහ මාලදිවයින් කාර්යාලයීය අධ්‍යක්‍ෂිකා සිම්රින් සිං මහත්මිය අදහස් දක්වමින් ”ශී‍්‍ර ලාංකික තරුණ සංගීතඥයෙකු ගෝලීය සහෝදරත්වය සමඟ එක්වීමත්, ළමා ශ‍්‍රමයට එරෙහිව කි‍්‍රයාත්මකවීමත් මම මහත් සේ අගයකොට සලකමි” යනුවෙන් අදහස් දක්වන ලදී.

කලාපීය දත්ත සමඟ සසඳන කල, කලාපයේ අනෙකුත් රටවල් වලට සාපේක්‍ෂව ශී‍්‍ර ලාංකාව තුල ළමා ශ‍්‍රමය වාර්තාවන්නේ සියයට 1ක් පමණ ය. රජය, ඒ හා සම්බන්ධ සියලූම දේශීය හා විදේශීය පාර්ශවකරුවන් හා එක්ව ළමා ශ‍්‍රමය ක‍්‍රමානුකූලව අවමකරගැනීමට සමත්වී ඇත. මේ අතුරින් බහුලව ළමා ශ‍්‍රමය වාර්තාවන්නේ කෘෂිකර්මාන්තය තුලය. නමුත් අනර්ථකාරී ළමා ශ‍්‍රමය අදෘශ්‍යමාන වන අතර මෙය සම්පූර්ණයෙන්ම තුරන්කිරීම අභියෝගයට ලක්කරයි.

‘ශ‍්‍රී ලංකාවේ අනර්ථකාරී ළමා මෙහෙකාර සේවය වර්ෂ 2022 දී තුරන් කිරීම පිළිබඳ පුරෝගාමිත්වය’ තිරසර සංවර්ධන අභිමතාර්ථය 8 හි ඉලක්කය 8.7 මත පදනම් ව වර්ෂ 2018 දී ස්වයං ප‍්‍රකාශණයක් ලෙස එළිදක්වා ඇත. මෙම ඉලක්කය වර්ෂ 2025 දී අත්කරගැනීමට අවශ්‍ය තිරසර සංවර්ධන අභිමතාර්ථය ඉලක්කය අභිබවනලද අභිමතාර්ථයකි.

වර්තමානයේ ලොව පුරා ළමුන් මිලියන 152 ක් ළමා ශ‍්‍රමිකයන් ලෙස කටයුතු කරනු ලැබේ.

අපේ සතුටට ගීතයක්
ලියා නොමැතිද කිවිඳුනේ ලොවේ
විඩා නිවනට කවි පෙළක්
අසා නොමැතිද ජීවිතේ අපේ
පාසැලේ සීනු හඬ නැතේ
සෙල්ලමයි අපේ
පුංචි කාසිය රවුමට මවනා ජීවිතයේ...

සංගීතය තුලින් ළමා ශ‍්‍රමය පිටුදැකීම!

#ළමාශ‍්‍රමයටඑරෙහිවෙමු
#NOChildLabour