ශ්‍රී ලංකා සුනිසි මෙහෙවර වැඩසටහන: 2018-2022
වර්ෂ 2018 – 2022 සඳහා වන සුනිසි මෙහෙවර වැඩසටහන (DWCP) ශ්‍රී ලංකාව සඳහා වන සිව්වන පරම්පරාවේ සුනිසි මෙහෙවර වැඩසටහන වේ. මෙම කාලසීමාව තුළ කාර්යයන්හි ප්‍රමුඛතා පරාස හරහා ප්‍රතිපත්තිමය මඟපෙන්වීම, උපාය මාර්ග සහ අපේක්ෂිත ප්‍රතිඵල සංක්ෂිප්ත කරමින්, සියල්ලන්ටම සුනිසි මෙහෙයක් ඉටු කිරීමට දායක වන අතර, එමගින් කිසිවෙකු අත් නොහරිනු ඇත
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයන් සමඟ එනම් සේව්‍ය, සේවක සහ රජය අතර වන ගිවිසුම සුනිසි මෙහෙවර වැඩසටහන (DWCP) විහරණය කරනු ලබයි. වර්ෂ 2018 - 2022 සඳහා සුනිසි මෙහෙවර වැඩසටහන (DWCP) හි කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියේදී, වර්ෂ 2013 - 2017 සඳහා වූ අවසන් සුනිසි මෙහෙවර වැඩසටහන (DWCP) සමාලෝචනයේ සොයා ගැනීම්, අවසන් සුනිසි මෙහෙවර වැඩසටහනෙහි (DWCP) හි නිම නොකළ කාර්යයන් සහ රට තුළ සහ අන්තර් සම්බන්ධිත ගෝලීය සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ වැඩ ලෝකය මුහුණපාන නව සහ නැගී එන ගැටලු සලකා බලනු ලැබිය.
සුනිසි මෙහෙවර වැඩසටහන (DWCP) සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙහි (ILO) තෛයිපාර්ශ්වික නියෝජිතයන් සමඟ සහ ඔවුන් අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වන ලදී. සුනිසි මෙහෙවර වැඩසටහන (DWCP) හි ප්‍රමුඛතාවයන් හඳුනා ගැනිම උදෙසා අනෙකුත් අදාල අමාත්‍යාංශ, පළාත් පාලන නිලධාරීන්, තරුණ තරුණියන්, කාන්තා සමුපකාර සමිති සාමාජිකයින්, එක්සත් ජාතීන්ගේ පද්ධතිය සහ සංවර්ධන පාර්ශ්වකරුවන් සමඟද සාකච්ඡා සුනිසි මෙහෙවර වැඩසටහන (DWCP) සකස් කිරීම සඳහා දායක විය.
DWCP සඳහා වන නියෝජනයන් මගින් ප්‍රමුඛතාව ලබා දී ඇති ක්ෂේත්‍රයන් දේශීය ප්‍රමුඛතාවන් තුනකින් සමන්විත වන අතර ඒවා නම් : තිරසාර, අන්තර්ග්‍රහණීය සහ සුනිසි රැකියා උත්පාදනය කිරීම; ශ්‍රම වෙළඳපොළේ යහපත් පාලනය සහ සියලු දෙනාට වැඩ කිරීමේ අයිතිය යන්නයි. මෙම දේශීය ප්‍රමුඛතාවයන් තුන කැටි වීමෙන් වැඩසටහනේ ප්‍රතිඵල 8 ක් උත්පාදනය වේ. ඉහළ දත්ත සහ දැනුම උත්පාදනය, මෙම දේශීය ප්‍රමුඛතා තුන සහ ප්‍රතිඵල අට සාර්ථකව ඉටු කිරීම සඳහා පවතින ප්‍රමුඛතාවයක් ලෙස සැළකේ.