Trade and employment

ශ්‍රී ලංකාවේ අපනයන තත්වය වර්ධනය කිරීම මගින් රැකියා තත්වය සහ වැටුප් මට්ටම ඉහළ නැංවීමට හැකිය

News | 25 February 2019
2019 පෙබරවාරි 26, කොළඹ: ශ්‍රී ලංකාවේ අපනයන තත්වය ඉහළ නැංවීම තුළින් වඩාත් හොඳ රැකියා අවස්ථා සහ වැටුප් මට්ටම් ඉහල නැංවිය හැකි අතර කාන්තාවන් සඳහා ද වඩා විධිමත් රැකියා අවස්ථා නිර්මාණය කළ හැකිය. ශ්‍රම වෙළඳපලේ පවතින ප්‍රතිපත්ති මඟින් විවිධ සේවක කණ්ඩායම් වලට ඔවුන්ගේ අවශ්‍ය හැකියාවන් දියුණු කරගැනීමට ද මෙම අපනයන ප්‍රතිලාභ සමාජය පුරාම බෙදීයාම සඳහා ද රුකුල් වේ.

"රැකියා සඳහා අපනයනය : දකුණු ආසියාවේ වෙළෙඳාම මගින් ලබාගන්නා ප්‍රතිලාභ වර්ධනය කරගැනීම" මැයෙන් නව වාර්තාවක් අද දින කොළඹ දී එළිදක්වන ලද අතර, එයින් පෙන්වාදෙන්නේ අපනයන තුළින් සාමාන්ය වැටුප් ඉහළ නැංවිය හැකි බවයි.

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් එක්ව සකස් කරන ලද මෙම වාර්තාව මගින් දකුණු ආසියාවේ අපනයන මගින් දේශීය ශ්‍රම වෙළෙඳපලට ඇතිකරන බලපෑම පිරික්සයි. නව ප්‍රවේශයක් යොදා ගනිමින් ගෘහස්ථ සහ සේවක මට්ටමින් වෙන වෙනම සමීක්ෂණ සිදුකර ලබාගන්නා ලද දත්ත ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් ලබාගන්නා ලද වෙළඳපල දත්ත සමග සම්බන්ධ සම්බන්ධ කරගනිමින්, දේශීය සේවා නියුක්තිය සහ වැටුප්, අපනයනයන්ට සිදුකර ඇති වෙනස්කම් විශ්ලේෂණය කරයි. පෙර පැවති අධ්‍යයනයන් මෙන් නොව, මෙම අධ්‍යයනයට අපනයනයන් කේන්ද්‍ර වී ඇති අතර, මෙම පර්යේෂණ මගින් නව පර්යේෂණ ප්‍රවණතාවක් හඳුන්වාදෙමින් දේශීය රැකියාවන් සහ වැටුප් සඳහා ගෝලීයකරණයට දායක විය හැකි ආකාරය පෙන්වා දෙයි. නමුත් මීට පෙර එලි දැක්වුනු වාර්ථාමෙන් නොව, එය අපනයන වෙත අවධානය යොමු කරයි.

ලෝක බැංකු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ සහ වාර්තාවේ එක් කතුවරයෙකු වන ග්ලැඩිස් ලෝපේස් - අසේවේඩෝ පවසන පරිදි “අපගේ පර්යේෂණ මගින් දේශීය කම්කරු වෙළෙඳපලෙහි ක්‍රියාකාරීත්වය අපනයන මගින් වර්ධනය කල හැකි බව පෙන්වාදෙන අතර දකුණු ආසියාවේ අපනයන වර්ධනය කිරීමට ප්‍රතිපත්ති හඳුන්වා දිය යුතු බව සහ අපනයනයන්හි ප්‍රතිලාභ පුළුල් ලෙස ජනතාව අතර බෙදාහැරිය යුතු බව පෙන්වා දෙයි. ජනතාවට නව රැකියා අවස්ථාවන්ගෙන් වාසි ලබාගැනීමට සංචරණය සඳහා සහ වෙනත් රැකියාවලට මාරු වීම සඳහා පවතින බාධාවන් ඉවත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් මෙහිදී යොමු කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.

අපනයනයන් ඉහළ යන විට එයින් ලැබෙන වාසි ව්‍යාප්ත කිරීමට සහ එම වාසි පුළුල් ලෙස බෙදාහැරීමට අවශ්‍ය විකල්ප මෙම වාර්තාව මගින් සපයනු ලබයි. සේවකයන්ගේ හැකියාවන් වර්ධනය කිරීම, කාන්තාවන් සහ තරුණ තරුණියන්ව වැඩි වශයෙන් රැකියාවන්ට යොමු කරවීම සහ කම්කරු ශ්‍රම චලන මිළ අධික වීමට බලපාන විෂමතාවන්ට අවධානය යොමු කිරීම මෙමගින් නිර්දේශිත ප්‍රතිත්ති කිහිපයකි.

ගෝලීයකරණය, කම්කරුවන්ට හා ජාතික ශ්‍රම වෙලඳපොලවලට බලපාන්නේ කෙසේද යන්න ආර්ථික විද්යාඥයින් සහ ප්රතිපත්ති සම්පාදකයන් වඩා හොඳ අවබෝධයක් ලබා ගත යුතුයැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO )පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙක් සහ වාර්තාවේ කතුවරුන්ගෙන් එක් අයෙක් වන, ජ්යෙෂ්ඨ ආර්ථිකවිද්යාඥ ඩැනියෙල් සමාන් පවසයි. “අපේ පර්යේෂණයෙන් පෙන්වන්නේ අපනයන වැඩි වීමෙන් සහ අවිධිමත් බව අඩු කිරීමෙන් කම්කරුවන්ට වඩා හොඳ ප්රතිලාභ ලැබිය හැකි බවයි. එහෙත් මෙම ප්‍රතිලාභ ශ්‍රම වෙළඳපොළේ සිටින සෑම කණ්ඩායමකටම ලඟා වන බව තහවුරු කිරීම සඳහා විශාල පරිශ්රමයක් දැරීමට සිදුවනු ඇත. ඒ සඳහා විධිමත් ප්රතිපත්ති අවශ්ය වනු ඇත.”

2010-2017 කාලය තුල ශ්‍රී ලංකාව දිළිඳු ජනගහණය අවම කරමින් 5.8% දළ වේගයකින් වර්ධනය විය. කෙසේ වුවත්, බහුතර ශ්‍රී ලාංකිකයන්ට තවමත් විධිමත් ආර්ථික ක්ෂේත්‍රයේ ස්ථිර රැකියාවන් නොමැති අතර එක් එක් ප්‍රදේශ වල ජීවත් වන සේවකයන්ට ගෙවනු ලබන වැටුප් වල සහ ඔවුන්ගේ ලක්ෂණ වල විශාල වෙනස්කම් පවතී. 2000 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 39% සිට 2016 දී 21.4% දක්වා අපනයන අගය පහළ ගිය අතර, රෙදිපිළි, ඇඳුම් පැළඳුම් සහ කෘෂිකාර්මික අංශයන් වල පමණක් අපනයනය ඉහළ යාම දක්නට ලැබුණි. නිසි ප්‍රතිපත්ති මගින් අපනයනයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ශ්‍රී ලංකාව යොමු කල හැකි අතර, එමගින් වෙළෙඳපලෙන් සේවකයන්ට ලබා දෙන ප්‍රතිලාභ වර්ධනය කල හැකි වන අතර, එම ප්‍රතිලාභ වරප්‍රසාද නොලත් ජනතාවගේ සුභසිද්ධිය උදෙසාද යොදාගත හැකිය.