ප්‍රකාශණ කතුවැකිය

“ළමා ශ්‍රමික සේවයට තිත තැබීමේ සාර්ථකත්වය ලංකාවට ”

News | 12 June 2018
"මේ සුවඳ බලන්න, මේ පිච්ච මල් සුවඳයි " දකුණු ආසියානු නගරයක වසන හම් නිෂ්පාදකයා මට පැවසීය." මෙහෙන් එන අපවිත්‍ර වාතාශ්‍රය නිසා ඇතිවන ඔක්කාරය මෙයින් සමනය වේවි, මෙය සාර්ථක වුන ප්‍රතිකාරයක්.
සිම්රින් සින්ගහ්, අධ්‍යක්ෂ, ජාත්‍යන්තර කම්කරු සංවිධානය- ශ්‍රී ලංකා සහ මාලදිවයින් කාර්යාලය
මම ඉතා තදින් අපහසුතාවයට සහ අසීරු තත්වයට පත්ව සිටියෙමි. නමුත් ප්‍රතිකාරය අවශ්‍ය වුයේ ගඳ නැතිකිරීමට නොවේ. ප්‍රතිකාරය අවශ්‍ය වුයේ සම් නිෂ්පාදනාගාරයෙන් දුර්ගන්දය නිසයි. තවද එහි වැඩකරන අවුරුදු 13ක පමණ වන අතර ළමයින්ගේ ශරීර වලින් ගලන දහදියටය. මෙම දරුවන් ( සමහරවිට ඔවුන්ගේ හරි වයස දැනගැනීමට උප්පැන්න සහතිකද නොමැතිය ).

සමහර දරුවන් මට පෙනෙන ආකාරයට අවුරුදු 10 ක් පමණ වගෙයි. වැඩියෙන්ම සිටින්නේ පිරිමි දරුවන්ය .සමාජයේ ඉතාම දිළිඳු දුක්ඛිත ජීවිත ගතකරන මන්ද පෝෂණයෙන් යුතු කොටසක් බව බැලූ බැල්මට පෙනේ. ඔවුන්ගේ ලපටි සිරුරු සහ මනස විෂ රසයනියන්ට නිරාවරණ වී ඇති අතර අත්වලින් ( සහ සමහරවිට දත් වලින් ) සතුන්ගේ මළසිරුරු එහා මෙහා කරනුයේ අංශක 45 අධික උෂ්ණත්වයක් යටතේය. ඔවුන්ගේ පවුල් සහ නෑදෑයන් කොහිද ? මොවුන් පාසල් නොයන්නේ ඇයි ? මොවුන් ජීවත් වන්නේ කොහිද ? මොවුන්ගේ ළමාවිය සහ ගරුත්වයට කුමක් සිදුවීද ?

වර්ෂ 2018 ජුනි 12 වනදාට යෙදෙන ළමා ශ්‍රම විරෝදී දිනයේ තේමාව වන "සෞක්‍ය සම්පන්න සහ සුරක්ෂිත පරම්පරාවක් " යන තේමාවට මෙම අත්දැකීම ඉතාම දුරස්තයි.

ලෝකයේ ළමා ශ්‍රමය නිමකිරීමට මම අවුරුදු 20 කට ආසන්න කාලයක් ජාත්‍යන්තර කම්කරු සංවිධානය හරහා ආසියාව,අප්‍රිකාව සහ තවත් ප්‍රදේශ ගණනාවක සේවය කර ඇත්තෙමි. අපි සැවොම දන්නා කාරණයක් වන්නේ ළමා ශ්‍රමයට 21 වන සත්වර්ශයේ තැනක් නොමැති බවය. එයින් ලැබෙන සමාජීය හෝ ආර්ථික වාසියක් නොමැත. පදනම් විරහිත තර්ක බැහැරකලවිට, මෙය කිසිදු ආකාරයේ තිරසාර සංවර්ධනයේ අරමුණක් නොවේ. එය.මුලිනුපුටා දැමිය හැක. එය කලයුත්තේ කෙසේදැයි අපි හැමෝම දන්නා කරුණකි. මෙමගින් සමාජයට හා ආර්ථිකයට වැසි ලැබෙනු ඇත. මෙම දැනුම නිසා ලෝකයේ ළමා ශ්‍රමය භාවිතය ඉතා සෙමින් අඩුවෙමින් පවතී.

2017 වර්ෂයේ මුල භාගයේ ශ්‍රී ලංකාවට පැමිණි මම, මෙහි ළමා ශ්‍රමිකයන් අඩුකිරීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය ඉතාම ප්‍රීතියට පත්වුනෙමි. නමුත් එම කාර්යය තවමත් අසම්පුර්ණයි. 1% ක පමණ ළමා ශ්‍රම ප්‍රතිශතයක් සහිතව ශ්‍රී ලංකාව අසල්වැසි රාජ්‍යය සමග සසඳන විට ඉතා ඉදිරියෙන් සිටි. ළමුන්ද වැඩි ප්‍රතිශතයක් ශ්‍රම සුරැකැමකට ලක්නොවී අධ්‍යාපන කටයුතු වල නියැලී සිටීම සතුටට කාරණයකි. පාසල් යාමේ වයස අවුරුදු 16 වන අතර එය රැකියාවක් කිරීම සඳහා සුදුසුවන අවම වයස සමග නීතිමය රාමුවක් තුල ශක්තිමත් කිරීම සඳහා පිඹුරුපත් සෑදීමට නියමිතය. අනතුරුදායක වැඩ සඳහා ළමුන් යොදවගැනීම තහනම් කර ඇතිඅතර, ප්‍රතිපත්තීන් මේ සඳහා හදුන්වාදී තිබේ. අදාල දෙපාර්තුමේන්තුවල දිවයිනපුරා සේවයකරන නිලධාරීන් ළමා ශ්‍රමිකයින් හඳුනාගැනීමට සහ එයට අදාල ක්‍රියාමාර්ග ගැනීමට අප පුහුණුකර තිබේ. ඒ වගේම, ළමා ශ්‍රමය යොදාගැනීමෙන් ඇති වාසිවලට වඩා, එයින් ඇතිවන හානිකර ප්‍රතිපල වැඩිබව ප්‍රජාව විසින් තේරුම්ගෙන ඇත.

මෙසේ පැවසුවද, අපගේ ප්‍රගතිය පහසුවෙන්ම වැනසීයාමට පුළුවන. තවම, වැඩිපුරම අවුරුදු 15-18 පිරිමි ළමුන් වැඩපොලවල් ආශ්‍රිත අනතුරුවලට, ආපදාවන්ට සහ සුරකෑමට විවිද මට්ටමින් මුහුණදෙමින් පවතී. මොවුනට හොඳ රැකියාවක් ලබාගැනීමට තිබෙන ඉඩකඩ සහ ඒ සඳහා තිබෙන පෙරසුදානම අඩුය. එමගින් රැකියාවේ තත්වය වාසිදායක වන ආකාරයෙන් මොවුනට සාකච්චා කරගත නොහැකිවන අතර එමගින් ආර්ථික අස්ථාවරත්වයක් සහ නොයෙකුත් අසමානතා තත්වයන් ඇතිවීමට පුළුවන. පුළුල්ව බැලුකළ සෞක්‍ය සම්පන්න, සුරක්ෂිත සහ සරුසාර පරම්පරාවක් බිහිකිරීමට මෙය තර්ජනයක් වී ඇත.

මෙම තත්වයන් යටතේ ශ්‍රී ලංකාව සැහීමකට පත්නොවිය යුතුය. වර්ෂ 2025දී ළමා ශ්‍රමය මුලිනුපුටා දැමීමට අප අධිෂ්ඨානය කරගෙනේ සිටින නිසා, එයට ඇත්තේ තවත් වසර කීපයකි. ශ්‍රී ලංකාවට පහසුවෙන්ම මෙම අරමුණ කරා ලඟාවීමට පුළුවන. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමින් කටයුතු කරගෙනයනබව පැහැදිලිව දක්නට පුළුවන.

ශ්‍රී ලංකාවේ අරමුණු සාර්ථක කරගැනීමට අමතරව, අනෙකුත් රටවල් සඳහා ආදර්ශයක් වීමට මේ කාලයයි. ළමා ශ්‍රමය තුරන්කිරීමට අවශ්‍ය ප්‍රතිකර්ම අප සතුව පවතී. ළමා ශ්‍රමවිරෝධි දිනය වන අද, අප ලමශ්‍රමය මුලිනුපුටා දැමීමට අධිෂ්ඨාන කරගතයුතුය. ඒ සමගම, "සෞක්‍ය සම්පන්න සහ සුරක්ෂිත පරම්පරාවක් " යන තේමාව ප්‍රචලිත කර ළමා ශ්‍රමය නිමකිරීමේ සුවඳ හමා යාමට ඉඩදෙමු.